Thursday, August 27, 2015

අකැප



^අ&කැප




පුරපසේ කලා පිරි සද මඩල මල්වරව
දුර ඈත පිපුණු තනි තරුවකට පෙම් පිරුව
බව කියූ දින ස‍දට ඔච්චමට සිනාවුණු
ළබැදියේ........
එසද ඒ සිනාවෙන් විළිවැදී මිරිකුනේ
සද නොවේ නුඹ නොදුටු මගෙ සිතයි
තරුව ළග අවපසේ සදක් වනු බැරි කමට
ළතැවුනේ සද නොවේ මගෙ නෙතයි.......

ජීවිතෙන් පිටමංව ගන්ධබ්බ වෙස් දැරූ
ආත්මය නුඹෙ සිතේ පිල් කඩට ගොඩවෙද්දි
පිලේ පැදුරද ඔතා දොර පියන්පත් වැසූ
ළබැදියේ........
අද කුමට පිල් කඩට රටා පිරු පන් පැදුරු
විවර දොර කවුළු මත ඇයිද ඉගිබිගි මුකුළු
පුර පසේ සද මැකී අද නොමැත එහි ලකුණු
ඉතිං......පිස ගන්න මට අකැප වූ ඔය කදුළු....

                                   -- මංජුල ප්‍ර‍භාත් හෙට්ටිආරච්චි
                                   ‘‘ සද මඩල ගිනි ගනී“ කාව්‍ය සංග්‍ර‍යෙනි (2000)






-     



No comments:

Post a Comment