Showing posts with label Hada Nagana Situvili. Show all posts
Showing posts with label Hada Nagana Situvili. Show all posts

Tuesday, August 25, 2015

තාත්තා අැවිත්



තාත්තා ඇවිත්



හිනා මල් ඇබිත්තක් - තුරුළු කරගෙන ඇවිත්
ඒ හිනා මල් පොකුරු - මගේ මුහුණට ගසා
නුඹ සිනා සලද්දී'''''
තවත් නම් කොහොම මං හඩන්නද තාත්තේ

සීතලට කැටි ගැහුණු - හිම කදක් වගේ දැඩි
රාත්‍රියෙ කළු අදුර - මා ගතේ වෙලෙද්දී'''''
දුරුත්තේ හීතලට මිදුල මැද්දේ ගැසූ
ගිනි ගොඩක උණුහුමින් නුඹ තනිය මකද්දී
රැයට මං කුමට නම් බියවෙම්ද තාත්තේ


දාහයෙන් පිපාසිත - වාලුකාවක තනිව
යන මගක් එන මගක් - නොදැන හසරක් නැතිව
පීඩිතව තැවෙද්දී'''''
සිහිල් දිය කදුරක්ව - මග කියන තරුවක්ව
නුඹ ළගින් රැදෙද්දී'''''
කුමට මං හෙටක් ගැන ළතැවෙම්ද තාත්ත‍ෙ

නොපෙනෙතත් ළග රැදෙන - නොඇසුනත් තෙපුල් දෙන
කොතැන කොයි මග ගියද - පෙරසේම තනි මකන
මරණයට සමච්චල් කොට යළිත් නුඹ ඇවිත්
ඒ ඇත්ත ඇත්තකැයි කෙලෙස මං ලෝකයට
කියන්නද තාත්තේ'''''@@@

මංජුල ප්‍ර‍භාත් හෙට්ටිආරච්චි