නරසීහ ගාථා නොවේ.....
පෙරුම් පුරන සතපවනට ඉදුරෝ
මහමග ඉගිලෙන රථයක පෙජරෝ
අරා අසුන් සුකුමාර නිරින්දෝ
පුත අර යනුයේ නුඹේ පියාණෝ.....
පෙම් බස් පැවසූ විලසින් බෝසත්
රම්‍ය සුරම්‍ය සුබාදියේ නිවහන්
නුඹ පිළිසිදිදා කළ අබිනික්මන්
පුත අර යනුයේ නුඹෙ පිය නිරිදුන්
පිණි පොද වගුරා සදවත හැඩු රෑ
නේරංජන ගග නෙතගින් හැඩු රෑ
එතෙරව එගගින් කිළි කුණු සෝදා
ඔහු ගියමුත් ගග ඒ් කිළි රැදුණා....
පුරපස සද සේ නුඹ කුස වැඩුණා
අවපස සද සේ ඔහු රුව මැකුණා
අමාවකේ කළු සෙවනැලි අතරින්
පුර සද වී නුඹ මගෙ ලොව දිලුණා...
- මංජුල ප්‍රභාත් හෙට්ටිඅාරච්චි
''සද මඩල ගිණි ගනී" කාව්‍ය සංග්‍රහයෙනි.
