Showing posts with label ඔබ නැතුව ඔබ එක්ක. Show all posts
Showing posts with label ඔබ නැතුව ඔබ එක්ක. Show all posts

Friday, January 6, 2017

ඔබ නැතුව ඔබ එක්ක





ඔබ නැතුව ඔබ එක්ක

 














ඔබ රිදුම් තියා ගිය තැන්
පෑරෙයි තවත් ඉදහිට....
ඔබෙ සිනහ ගැවසුණු තැන්
සුන්දරයි තැවරුණත් ලුණු රස...

කාලය මකා දැමු පස්මත
පිපේ තවමත් මලක් අකලට
සුවද ඉව කෙරූවද දුර සිට
වළ දාමි නොකියාම මතක බණ....

වසර ගණනක් තෙතක් නොලත් බිම
පුංචි වැහි කදුලකින් මොලොක් විය
නැවුම් පුසුඹක විදුම කොතරම්ද
ඇතිය.. ඒ සුවද.... මුළු දිවියටම

අයිතියක් කිවිය නොහැකිය ඔබට
උප්පැන්නයක් නොමැති මළගමට...
ඔබට දා වුවද ඔබහට අකැප
ගබ්සාවකිය...,එයින් කුමන ඵල...
රිදුම් පෑරුම් කිසිත් නොසිතාම
මලට පෙම් කරමි එය නොලබාම
ඔබ නැතුව ඔබ එක්ක හැමදාම
හිදිමි... අවසර කුමට මට ඊට.......

-මංජුල ප්‍ර‍භාත්  හෙට්ටිආරච්චි