Thursday, July 19, 2018






නිමිත්ත - ලංකාව නම් වූ දූපතට අයත් කල්පිටිය මොහොත්තුවාරම නම් අති දුෂ්කර ගම්මානයේ පිහිටි මොහොත්තුවාරම සිංහල විදුහල දූදරුවන් 45 දෙනෙකුගෙන් සහ ඔවුන් වෙනුවෙන් කැපවුණු ගුරුවරුන් 6  දෙනකුගෙන් සමන්විත කුඩා විදුහලක්. පහේ පංතියට විතරක් සීමා වුණු මේ පුංචි ඉස්කෝලෙට එන මේ පුංචි දරුවන්ට වතුර ටිකක් බොන්නත් කිලෝමීටර් ගාණක් දුර ගෙවාගෙන එන්න සිද්ද වෙනවා. මේ දරුවන් වෙනුවෙන් කළ පුංචි සත්කාරයක් අතර ගත් මේ ඡායාරූපය ඔවුන් පිළිබද අප නොකියූ බොහෝ දේ ඔබට කියාවි....

                              

                             අළුපාට ආකහේ
                             තෙත නොමැති වළා මත
                             රිදී ඉරි ගණින්නට
                             දෑස් පින් කර නොමැත
                             බෝතලේ පිරෙන්නට
                             ඇස කදුළු ඇති හිතට
                             හොරෙන්., හිනැහෙන අරුම
                             කියා දුන්නේ
                             කවුද.......???       
                                             
                                       -      මංජුල
                                  ඡායා - ඔකද ජයසිංහ