හඩ නගන සිතුවිලි - manjula prabhath hettiarachchi
" හදවතක උපන් සිතුවිලි හඩ නගන අඩවිය"
Wednesday, August 16, 2023
SUSUM SAYURE -සුසුම් සයුරේ|Indika Liyanage New Song |Lyrics by - Manjula...
Friday, October 21, 2022
පාපොව්වාරණයක් නම් නෙවෙයි...
බැල්කනියේ පුටුව උඩට
වෙලා පොතක් කියව කියව හිටිය මට සුපුරුදු කුකුල් නින්ද ගිහින් තිබුණෙ මටත්
නොදැනිමයි. “පොතක් අතට ගත්තොත් ඔයා කරන්නෙ නිදියගන්න එකනේ...” එක පාරටම ඇහැරුණු මම
ඇස් දෙක ඇරලා වටපිට බැලුවෙ කොහෙන් හරි දොරකින් එබිලා එහෙම කියන රෝසිගෙ විමසිලි
දෑස් කොහෙන් මතුවෙයිද කියලා දන්නෙ නැති නිසයි. තවම මාස හයක්වත් පිරs,d නැති චූටි දහම්සාවත් තුරුළු කරගෙන එයත් හොඳටම නිදිද කොහෙද..මෙතෙක් තිබුණු
අව් රැල්ලත් වහගෙන කළු වළාකුළු රෙද්දක් අහස පුරා එළමින් අහස බුම්මගෙන බලා හිටියා.
හැමදේම නිසොල්මන්' ඒත් ඒ
නිසොල්මන් බව බිඳගෙන වහලය දිගේ දුවගෙන ආපු ලේනෙක් කටේ තියාගෙන ආපු දුඔුරු පාට ගුලියක් පරෙස්සමට වහලෙ උඩින් තියලා
වටපිට බලලා ඒ ගුලිය දිවෙන් ලෙව කන්න ගත්තා
. චූටි ලේන් පැටියෙක් ... මගේ හිත කුහුලින් යුතුව එහෙම කිව්වා. ආපහු ලේන් පැටියව
කටට ගත්තු ලේන් අම්මා කලබලෙන් බිත්තිය දිගේ නැගලා වහලෙ සිවිලිම අස්සට රිංගලා
නොපෙනී ගියා. ලේන අම්මයි පැටියයි නොපෙනී ගියත් කුහුලින් බර වුණු මගේ හිතේ කුතුහලය
එහෙම්මමයි. කොහේදෝ ඉදන් ආපු හුළඟක් ගේ ඉස්සරහා තියෙන මැහෝගනී ගහේ මල් කිනිති වලට
රහසක් කියාගෙන ගියා. ඒ රහස අහලා ඔලුව වනලා මල් කිනිති හිනාවෙද්දි වේලුණු මැහෝගනී
කොළ දෙකතුනක් බිිමට හෙළලා අත්තක් තමන්ගෙ බර ඩිංගක් හෑල්ලුු කරගත්තා
පොතේ අකුරු දිගේ මොහොතක් එහා මෙහා දිව්ව ඇස්
ආයිත් තැඹිලි පාට ඇස්බැස්ටස් වහලෙ උඩ නැවතුණා . උඩ තට්ටුවෙ වහලේ ඉඳලා බිත්තිය දිගේ
සීරුවට බිමට බැහැපු ලේනෙක් යට තට්ටුවේ
වහලෙට බැහැලා ආපහු මගේ ඉස්සරහින් කලින් ලේනා ආපු දිහාටම දුවගෙන ගියා. මේ
දෙන්නම එකම ලේනද..මුහුණුවරින් ලේනුන් හඳුනාගැනීමට හැකියාවක් නැතිකම ගැන පසුතැවුණු
මගේ සිත එකපාරටම තදින් ගැහෙන්නට වුණේ යමක් සිහිපත් වුණු නිසයි.
ගෙදර විදුලි මීටරය ආවරණය
කළ ප්ලාස්ටික් ආවරණය ඇතුලේ ලේනකු කූඩුවක් හදලා තිබුණෙ මීට මාස දෙක තුනකට කලින් .
ගෙදර විදුලි මීටරය කියවන්න එන මනු කියවන්නා මේ ලේන කූඩුව ගැන දෙතුන් පාරක්ම මට
පැමිණිලි කළේ ඔහුට විදුලි මීටරය කියවීමට මේ ලේන කූඩුව බාධාවක් වී ඇති බවට චෝදනා
කරමින්.
පැටව් ඉන්නවද දන්නෑ...
මනු කියවන්නාගේ චෝදනාවෙන් නිදහස් වෙන්න මං
මෙච්චර කලක් කියාපු නිදහසට කාරණාව කල් ඉකුත් වූවක් බවට පත්වී තිබුණ නිසා අද උදේ ඒ
ලේන කූඩුව එතැනින් අයින් කරලා දාන්න මම තීරණය කළා. බොහෝම සීරුවෙන් එහි පියන ගලවා
ඉවත් කළ මම ලේන කූඩුව ප්‍රවේසමින් අතට ගත්තා. කොහු, පුළුන්, පරඩැල් වලින් බොහොම
සීරුවට හදා තිබුණු කූඩුව ඇතුලේ පුංචි සතෙකුගේ යෝධ වෙහෙස මහන්සියක් එක්තැන් වෙලා
තිබුණා. මේ කොහු ටික හොයාගන්න ලේනා හුඟක් දුරක් වාර දහස් ගානක් එහා මෙහා ඇවිදින්න
ඇති. පුළුන් ටිකක් හොයාගන්න පුළුවන් තැනක් ගැන දවස් ගානක් විපරම් කරන්න ඇති. තමන්ට
ඔසවගන්න බැරි තරමේ බරක් උස්සගෙන මෙතැනට සිය දහස් වතාවක් යන්න එන්න ඒ ලේන අම්මටයි
තාත්තටයි තිබුණු එකම හයිය උපදින්න ඉන්න දරු පැටව් ගැන හිතේ ගොඩ ගැහිලා තිබුණු අප්‍රමාන
දරු සෙනෙහස විතරක් වෙන්න ඇති. ලේන කූඩුව අතේ තියාගෙන මම හුඟක් වෙලා ඒ දිහා බලා
හිටියා. පැටව් එකෙක්වත් නැහැ වගේ. සිහිලසක් සිත අතගාගෙන නාසයෙන් පිටවුනේ බර
හුස්මක් විදිහටයි. කූඩුව කඩන්න ලෝබ හිතුව මම කූඩුව ගහක් ළඟින් තියලා එතැනින්
නැඟිටලා ගෙට ආවේ ලේන කූඩුවේ අවහිරෙන් නිදහස් වුණු විදුලි මීටරය දිහාවත් නොබලයි.
එහෙනම්... ඒ කූඩුව ඇතුලේ
පැටියෙක් ඉඳලද...
අහිංසක දරුපවුලකට
උන්හිටි තැන් අහිමි කිරීමේ යළි නිවැරදි කළ නොහැකි වරදකින් හදවත හඩා වැටෙද්දි මම
රෝසියි දහම්සයි නිදා උන්නු කාමරයට මගේ වැරදිකාර මුහුණ එබුfවි වෙච්චි වැරැද්ද කාත් එක්ක හරි කීමෙන් හිත නිදහස් කරගත හැකියි කියන
ආත්මාර්ථකාමී හිතුවිල්ලෙන්..දෙන්නම තවම නිදි...
තව ටිකකින් මහා වැස්සක්
වහිවී...මේ හදිසියේ පැටියට නොතෙමි ඉන්න තැනක් හොයාගන්න ලේන් අම්මටයි තාත්තටයි
පුළුවන් වෙයිද...අකුණු සැරයක විදුලි ඉරක් සැණෙකින් දෑස් මානයේ ඇදී ගියා වගේ මට
දැණුනා.
Wednesday, August 3, 2022
Nipuni Nayanathara | Sulagak Wage Awidin | සුළගක් වගේ ඇවිදින්
සුවඳක් ව ළඟ ඉන්නම්
වැස්සක් වගේ ඇවිදින්
සිත ගිම් නිවාලන්නම් ....
- කවදාකවත් ඔබගේ නොවී
හැමදාම මං ඔබගේ වී ඉන්නම්....//
ගලනා දියේ ගම් ඉම් දිගේ
හිමිකම් නොකී නැවතී බිඳක්
අහසේ ඉමක් සයුරේ නිමක්
නැති සේ සිතේ වැඩෙනා පෙමක් ....
කවදාකවත් ඔබගේ නොවී
හැමදාම මං ඔබගේ වී ඉන්නම්....
අරුණක් වගේ හිඳිමී රැඳී
සුසුමේ පවා කවියක් වෙමී
කඳුළක් නොදී ලතැවුල් පිරී
හසරැල් දියේ සඟවන්නෙමී ....
ඉදිමී රැඳී ඔබගේම වී
හිමිකම් නොකී පෙම්වන්ති වී ....
***************************************
ගායනය - නිපුනී නයනතාරා
ගී පද - මංජුල ප්රභාත් හෙට්ටිආරච්චි
සංගීතය - සදරුවන් ජයසිංහ
Edward Jayakody New Song - Yali Noena Nawathanata(යළි නොඑනා නවාතැනට)
යළි නොඑනා නවාතැනටනුඹ ඇරලූ දා මාදැනුණුු තනිය තවම දැනේඑදා දැණුනු සේමා....සිත සිරවූ කඳුළු තියාඅම්මේ නුඹ ගාවාබලා හිඳිමි සිහිනෙන්වත්ඇවිදින් සනහන් මා ......වෙර වීරිය නුඹෙ දෑතේමට මඟ පියවිලි තැනුවේඒ සිහිනය ගඟේ නොලාරැකගන්නයි පැතුවේමග වැරදුණි අම්මේ .....යළි නොඑනා .............දෝර ගැලූ අගහිඟකම්ඉහටත් බර වැඩි යුතුකම්අඩුවක් වූවාද මගෙන්ළතවෙමි හැම තිස්සේසමා කරන් අම්මේ...යළි නොඑනා.......
****************************************ගායනය - එඩ්වඩ් ජයකොඩිගේය පද - මංජුල ප්රභාත් හෙට්ටිආරච්චිසංගීතය - සාගර සම්පත්💖💖💖💖💖
****************************
Tuesday, March 16, 2021
මතකද තිබුණා ආදරයක්....
මතකද තිබුණා ආදරයක්
Tuesday, October 20, 2020
යුගාන්තයේ
යුගාන්තයේ
යුගාන්තයේ ...හිරු පිපුනු
Saturday, August 15, 2020
අපේ කළු සුදු පුංචි ලෝකය..
අපේ කළු සුදු පුංචි ලෝකය....
සමර ගා පිරියම් කළ
කෑලි තුනේ කුලී ගෙදර... වැට ලග
අම්මටයි..තාත්තටයි... ඉස්සරහින්
මල්ලිටයි ... නංගිටයි... මැද මං...
දිනය අමතක ඉස්සරම දවසකදි
කවුරුදෝ නෙගටිව් පටියක ඇන්ද
අපේ පොසිටිව් කළු සුදු ලෝකය
සාලයේ එල්ලිලා අදටත් හිනාවෙන ලස්සන...
හිතුනාද නිකමටවත් එදා
ඒ කුලීගෙන් පිටත අපේ ලෝකයක් ගැන...
චිමිනි ලාම්පුවෙ එළියෙන් නොදුටු
වෛවර්ණ...
එහෙත් අපට අප අහිමි වුණු
කොයි තරම් දුර ඇවිදින්ද අප
පාගමින් පර මතක - අළුත් මල් දෝවමින
මගුල් ඛෙර වැයෙද්දි කඳුළු පැන් වඩද්දී
දවස්... අවුරුදු... පසුකර....
ඒත් තවමත් දිනෙක
ලයිට් ගිය කළු රැයක
සැලෙන ඉටිපන්දමක දුබල කහපාට යට
පරණ කළුසුදු රූපෙ විසල් සාලයෙ ඇඳේ
මතක සංකා අතර...
හිනැහෙමින්...
වැලපෙමින්...
එදා අප හුන් තැනෙහි සොයුරු රූ නොමැත අද
කොහිද අප... සොයමි මම... රූපයේ හැම තැනම
එහෙත් අප දෙස බලා සෙහෙනසින් පෙරසේම
පිටුපසින් රූ දෙකකි නොවෙනස්ව හුන් තැනම....
- මංජුල ප්රභාත් හෙට්ටිආරච්චි
Friday, April 3, 2020
සිතක රස්තියාදුව ....
සිතක රස්තියාදුව ....
කාන්සිය අවදි වී රස්තියාදුවක සිත
අතීතේ ඉමක් නැති මං පෙතක ඇවිදිද්දි
පාට බොඳවුණු... ඉරුණු..බොහො මතක මං අතර
කළුවරේ තැනින් තැන විදුලි එළි ඇදෙනවා....
දසක ගණනක් පැරණි නටබුන් වූ මිතුරු සිත්
තැනින් තැන තියා ගිය හුරු සෙනෙහෙවන්තකම්
දුව ඇවිත් කර වටා අත දමා එබි එබී
"උඹට මං අමතකද...??" හිනැහෙමින් අහනවා..
එක අයිස් පලමෙ රස රැහේ කාටත් බෙදූ
එකම වේවැල් පාර අත්ලෙ හරහාට පොදූ
එක මගේ දුරක් ගිය... එකම සිහිනය දුටූ
උන් කොහෙද සලකුණක් නොතබාම වෙන් වුණු....
කාලයේ රුදුරු අත් මුහුණෙ හැඩ මකා ඇති
සරුංගල් සිත් ඉරී බර දරාගෙන ඇතී
මහා හිස් ගොඩක් මැද හමුවුණත් ඉදහිටක
හඳුනගනු බැරිව අපි.....බිම බලන් යන්නැතී ....
- මංජුල ප්රභාත් හෙට්ටිආරච්චි
Friday, March 20, 2020
සදහට ආදරෙයි....
සදහට ආදරෙයි.....
-
අනියමාර්ථ ප්‍රේමයේ පතිනිය..... කඳුලක්ව ඇහැ අරින සොඳුරු සිහිනයකි නුඹ ළ ගින් නොව දුරින් හිඳ සිත් ඉමේ තනි රකින කිිසි දිනෙක නො...
-
සුසුම් සයුරේ මවා හසරැල් හදේ සෝළතැවුල් නිවන්නී නෙතග කැල්මේ දොඩන වදනේ මවා තුසිතේ - සිත වෙලන්නී උදා අරුණයි ඔබ වසන්තේ.... වඩා දෝතින් පිදුව සෙන...
-
භවඳුර නිවූ හිමි..... භවඳුර නිවූ හිමි දෑස අබියස පිපී පරවෙන මල් පුදා ලොවෙන් ගිලිහෙන සත්‍ය ඔබ දෙසු කියයි මේ ගහ කොළ පවා... සමිදුනේ... ...

