Friday, September 18, 2015

මරණයට මොහොතකට පෙර.....



මරණයට මොහොතකට පෙර


නිමිත්ත
දියණියට වස පොවා අම්මාද වස බී මියයයි





ජීවිතයේ මරණය ළග ලැගගෙන උන් කුස ගින්දර
හෙටක් අපට ලැබ දෙන්නට මැලිවී ලොබ බැන්දා
දුවේ හෙව් ජීවිතයට හිමිකම් නැති අපි දෙන්නම
ලොවට බරක් නොවී ඉන්න මා පිළියම් සෙව්වා....

ළමැද හොවා සිගිති මුවග තලු ගහමින් බිව් කිරි රස
බත් රස ඉල්ලන මුවකට වලංගු නෑ දුවේ
බත් උලකට අඩන නුඹට බතගෙන න පියකු අඩුව
අදට වඩා දැනෙන දිනය වැඩි අෑතක නොවේ...

රෙහිව ලොව වු  විස හී වදන් සවන් අැනී
දෙසවන නොව හදයි රිදී කදුලින් තෙත් වුනේ
අද මට හිමි කදුල අැවිත් නුඹ පෙලනා දිනේ
වාවන් මට ඉන්න හැකිද කියන්න සුදු දුවේ..

ලේ කිරි කළ සෙනේහයම නුඹ නැසු බව මෙසේ
පැමිණිලි කරමින් විත්තිය මට දෙස් දෙන පැයේ
නුඹ මා මේ ලොවෙහි නොමැත
ඔවුනගෙ බස් මට කම් නැත
ඔය සුරතල් හඩින් ඉතින් මේ අවසන් පැයේ
අම්මට පව් නෑ කියන්න මගෙ.... සුදු පොඩි දුවේ....



                         -මංජුල ප්‍රභාත් හෙට්ටිඅාරච්චි


No comments:

Post a Comment