Wednesday, August 31, 2016

පුතුනේ......




පුතුනේ......




සුර ලොවක සුර සැපත
අතැර මගෙ තනි මකන
මගෙ පැලට ආ සිගිති පුතුනේ
කිරි සුවද මුව කමල
නිම්  නොවන දෙඩවිල්ල
හෙටට දිවි හුස්ම දෙන ඔසුවේ.....

සුබ සිහින පුබුදන්න
අත නොහැර ළග ඉන්න
බල කරන ඔය සොදුරු මුහුණේ
දගපාන හසරැල්ල
තරු යුග්ම දෙන කැල්ම
බැද තබයි තවත් මා සසරේ....

මෙතෙක් ලොව නොදුටු සිරි
ගෙනැත් සිත් පාමුලට
සිනහ අංජන තවරනා නෙතේ
නුඹ නමින් පමණක්ම
පණ ගැහෙන හදවතක්
නුඹෙ ගතින් එපිට නුදුරෙක තියේ......

               -  මංජුල ප්‍ර‍භාත් හෙට්ටිආරච්චි

Thursday, August 25, 2016

අකල් වැහි...





අකල් වැහි...
















හිතේ තිබුණු දුක සේරම
ක විඩේට බිමට හලා
නුඹ අැඩු දවස් සිහිවෙයි
දවසෙම කළු වළා පුරා.....
සෝදා හැර නෝක්කාඩු
යළි තුරුලට මුවාවෙලා
අහසේ තරු ගැන්න දවස්
මතකයි අපි පහන් කළා.....

බොළදියකගෙ පුර සදවත
අවපස නුබ කුස ගෙවුණා
පුරන් සිතක යහන්  නොලද
මල් මුවරද පළා ගියා
සද මඩලේ සා පැටවුන්
හිනැහෙන කිරි සිනහා බලා
අහස අැඩුවෙ නෑ ඉන්පසු
පෙරමෙන් වැහි වළා පුරා......

කළු කරගෙන දවස පුරා
වහින්ට අරඅදින අහස
සෝදා හැර සිත පිරි දුක
තුරුලේ හිනැහෙන...දගලන....
තරු බොදවුණු දෑස් පිසැර
නින්දේ දියකර හිනැහෙන
වහිනව නම් යළි වැස්සක්
අාසයි ඉදහිට තෙමෙන්න....
 
           - මංජුල ප්‍රභාත් හෙට්ටිඅාරව්වි



Wednesday, May 18, 2016


වියෝවක පසු පැතුම


බූන්දි, සඳුදා, අගෝස්තු 13, 2012 00:14:52
මුළු උයන වසාගත් පාළු තනිකම නැසූ
පුංචි මල් පොහොට්ටුව ගිලිහුනිද අකාලයෙ
කළු වලාකුළු මිදුණු පාළු ඝනදුරු රැයේ
අඳුර නැසු තනිතරුව කඩා වැටුනිද කොහේ............?

මේ අඳුරු ගෙයි පැලට ආලෝකෙ දල්වන්න
ඔබ ගෙනා තරු යුවල වසාගෙන ඇයි දුවේ
ලොව නෑසු ගී තැනු සිඟිති කෙඳිරිලි හැඬුම්
නිහඬ කොට පුංචි මුව වසා නුඹ ගියෙ කොහේ ...?

මව් තුරුලෙ ගුලි වෙලා කිරිවලට සංඩු වුණු
ඒ පුංචි සංඩු නින්නාද දේ ගේ පුරා
කිරි සුවඳ පිනි වැටුණු නුඹෙ සිනා කොඳ කැකුළු
නිදන නෙතු පමණි අද දකිනුයේ රැය පුරා

නිදද්දී ඇහැරෙන්න රැය පුරා නොනිදන්න
නුඹයි මට හුරු කළේ මුමුණන්න ගී නොදත්
අතින් ගිලිහෙතැයි සිත බියෙන් සංකා වැඩු
නුඹෙ හුස්ම පොද කොතැන සැඟවුනිද මට හොරෙන්

පිච්චමල් අතුපතරෙ බටිත්තන් සොයන්නේ
නිදිවරා සොහොන් කොත් උඩින් සඳු එබෙන්නේ
දකින්නයි යළි නුඹව හෙටට ඇහැ අරින්නේ
ඉතින් නුඹ කෙසේ මෙහි නෑවිදින් හිඳින්නේ.....?

කඳුළෙ හසරැලි පිපෙන සුබ සිහිනෙ දරාගෙන
කිරට යන්නට අම්මා හිඳී මඟ බලාගෙන
නෙළුම හොඬයෙන් ගත්තු ඇත් පැටව් පිරිවරන්
නොබලාම කල් විගස සුදු දුවේ යළි එන්න .... 

Tuesday, May 17, 2016

උපන් දිනේ.....




උපන් දිනේ.....

















පොඩි දුවගේ උපන්දිනේ
ජයට ගන්න ලැහැස්තියක්
ලොකු දුවගේ මුහුණෙ කදුළු
වැසි බර කළු වළාකුලක්
නංගිගෙ තරු නෙතු දැල්වී
වසරක් ....ගතවුණු සතුටක්
අක්කට එය නොතේරෙන්නෙ
එයත් තවම චූටි බබෙක්.......

''නෑ......නෑ......මේ උපන් දිනේ
නංගිගෙ විතරක්ම නොවේ
අක්කෙක් වී නංගිගෙ....නුඹ
යළි ඉපදුනෙ අදයි දුවේ.....''
එ් හන්දා උපන් දිනේ
සැමරුම ඔය දෙන්නගෙමයි
කපා කේක් එක දෙඅතින්
කවන්න....අම්මටයි...මටයි...

            - මංජුල ප්‍රභාත් හෙට්ටිඅාරච්චි

Monday, May 16, 2016

බැමි...




                                       බැමි...



''අාදරය නිසා බිය උපදින්නේය
අාදරය නිසා සොව උපදින්නේය..."

බුදු හිමියනේ.......

බියක් නැති තැන
සොවක් නැති තැන
අැති නමුදු සැනසීම
දරා ගනු කෙලෙසකද....
අාදරය නොමැති තැන
අැති හිස් බව........???

        - මංජුල ප්‍රභාත් හෙට්ටිඅාරච්චි