අතැර ගිය ඔබට.....
සුබ
සිහින දකින්නට - ඵල ලබා විඳින්නට
විඳි
පාරමී උසයි අර කන්දටත් වැඩිය
ඒ ඇන්ද
දේදුන්න, හිරු නිවා මකන්නට
නපුරුකම්
හුරු කළේ කවුරුන්ද නුඹෙ සිතට...
වැහි
කෝඩයක් නැති අකීකරු අහස යට
ඉසූ
බිජුවට කන්න ගිරව් කැඳවුවෙ ඇයිද
කප්පරක්
කල් බලා එකතු කළ දිය කඩේ
මහද
නිදි ගන්වලා සොරොව් හැරියේ මන්ද
ඔබ අතීතයෙ
ගෙතූ සුරගනා කතා පොතෙ
දෙණිය
මැද දොළ අසළ අපි හැදුව පුංචි ගෙයි
තරු
පැටවු මැද්දෙ... හිරු සදු දිළෙන දෙපස හිඳ
ඒ් ඇන්ඳ
සිතුවමේ පාට බොඳ කළේ ඇයි
කළු
වළා නොවේ ඒ මත රිදී ඉරි දකින
සිතකි..., තව පමා නැත ඔබට මග දැක ගන්න
හදට වැට කඩුළු බැඳ අගුළු ලා ගෙට එන්න
පැටව්
අඳුරේ අඩන ගෙයි පහන දල්වන්න....!!!
- මංජුල ප්රභාත් හෙට්ටිආරච්චි






