Wednesday, August 16, 2023


 




Thawath Nadannam|Niroshini Amarasinghe New Song|තවත් නාඩන්නම්|Lyrics - Manjula Prabhath Hettiarachchi #NiroshiniAmarasinghe තවත් නාඩන්නම්..... බිඳුනු නටබුන් අතර තනිවී අපේ ආදරයේ...... හදේ සැමරුම් මතක වළලා ඔබෙ කඳුළු නගරේ... ඉතින් සමුගන්නම් මං ඉතින් සමුගන්නම්......... සිනහා ඇලවූ කඳුළු වැස්සේ තෙමි තෙමී අඳුරේ ලිහිණියක සේ සරනු නොහැකිය මට අහිමි අහසේ ....... අතැර යන්නට... කුමට අවසර.... කිරුළ ආදරයේ.... මට අහිමි විජිතේ ........ ඉතින් සමුගන්නම් තවත් නාඩන්නම්............. මලක් වන්නට තවත් නොහැකිය ඔබෙ සුපෙම් උයනේ බඹර හදකින්... පිළින නොපතමි... අචල ආදරයේ.... නැවත හමුවන දිනක් නොපතා පුරුද්දට සසරේ ඉතින් සමුගන්නම් මං ඔබෙන් සමුගන්නම් ..... තවත් නාඩන්නම්....... ************************************ Artist - Niroshani Amarasingha Lyrics - Manjula Prabhath Hettiarachchi Music - Anuradha Abeysinghe

SUSUM SAYURE -සුසුම් සයුරේ|Indika Liyanage New Song |Lyrics by - Manjula...



සුසුම් සයුරේ මවා හසරැල් හදේ සෝළතැවුල් නිවන්නී නෙතග කැල්මේ දොඩන වදනේ මවා තුසිතේ - සිත වෙලන්නී උදා අරුණයි ඔබ වසන්තේ.... වඩා දෝතින් පිදුව සෙනෙහේ පතා පාරමි දම් පුරන්නී සසල සිත කල් බලන ඉඟි දැක විදුලි රේඛා - සර මවන්නී.. නිවී යළි සිත ළඟ රැඳෙන්නී.... සඳ කිඳුරී වී හුස්ම දෙන්නී සෙනෙහෙ දන්දී සසරෙ එන්නී ලොවම ඔබ බව හැඳිනු දවසේ සිතට ලංවී..කියමි සොදුරී මගේ දිවියම ප්‍රියේ ඔබ වී... ************************************* ගායනය - ඉංදික ලියනගේ ගේය පද - මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි සංගීතය - සාගර සම්පත් *************************************
#IndikaLiyanage#SusumSayure