සදහට ආදරෙයි.....
සිත ගිමන නිවන අමයුරු සිහිලක සුවේ
මම විඳිමි නොමැත අන් කොතැනකවත් භවේ
ද`ග කරන දෑස් තුළ දැල්වෙන ඔය සෙනේ
බල කරයි හෙටත් ජීවත් වන්නට ලොවේ.....
ආදරෙයි.....සදහට ආදරෙයි.....මං ආදරෙයි....
මල් සුපිපුණු මාවත් නැත මුදු පාවඩ ඇතිරූ -
ඔබ යන මගේ...
කටුකොහොලින් ගහනයි... ළතැවුල් රැඳේ...
මා... සුරතින් - මිදි යම් දිනේ
ම`ග - වරදීදෝ සිත වැලපේ මගෙ දුවේ...
ආදරෙයි.....සදහට ආදරෙයි.....මං ආදරෙයි....
දුටු සිහින පැතුම් මල්වර වන මතු යම් දවසේ -
හසරැල් පිපේ...
ඔබ දිනනා එදවස නිවනයි මගේ
රෑ... අහසේ - තනි තරුව සේ
සැමදා - ඉන්නම් සිත ළ`ග සෙනෙහෙන් රැඳී
සිත ගිමන නිවන.......
ආදරෙයි.....සදහට ආදරෙයි.....මං ආදරෙයි....//
ගීපද - මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි

