Thursday, July 27, 2017

ඔබ නික්ම ගිය පසු

ඔබ නික්ම ගිය පසු.....

අහස් වියන යට
මතක ගොඩක් අස
කවුදෝ ඉකි ගසනා
කිසිවකු නොදකින
දෑස් පියන් යට
කදුලකි ඉකි ගසනා.....

සොහොන් පලක් මැද
ඇවිලෙන සෑයක
හද ගිනි ඔබ නොදකී
දහසක් හඩවල්
සවනත නොවැකෙයි
ඇසුනෙ එකම හඩකී

කිසිවකු නොඑනා
පාළු විමානෙක  
ඇසෙන හඩට ළබැදී
හුරු උණුහුම රැදි
මිටියාවත වෙත
එන්න වරම් පතමී....

-       මංජුල ප්‍ර‍භාත් හෙට්ටිආරච්චි




No comments:

Post a Comment