Wednesday, October 2, 2019

sihina bindi....


සිහින බිඳී....

සිහින බිඳී රන් දේදුණු ඕවිල්ලේ
කඳුළු පුරා නෙතු හ`ඩනා සියුමැල්ලේ
සමාකරන් මට වරද ඔබේ නොව
ආදරයේ ඉම කොතැනකදෝ නොහැෙ`ග්....//

දෙදෙනා බැඳුනේ හදවත් හඳුනා
සෙනෙහස කිරුළයි දිවි රජ දහනෙ පැතූ
නොහ`ඩන් කිසිදා පවසමි දිවුරා
අද මෙන් හෙට මගෙ දිවියේ නුඹයි සඳූ

සිහින බිඳී .....

ආශා වපුරා සයනෙක සතපා
ඔබ මා තනිවූ දවසක් විය නොසිතූ
මධු සඳ යාමේ රහසක ස`ගවා
හිනැහෙමු දෙදෙනා මතු දිවි තියෙන තුරූ
සිහින බිඳී....

           ගායනය - අනුරුද්ධ පොන්නම්පෙරුම
           ගී පද - මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි
           සංගීතය - රංජිත් ඩයස්
         

Oba kohe hari athi


 


ඔබ කොහේ හරි ඇති.....

ඔබ කොහේ හරි ඇති.... මට පෙනී නොපෙනී මට දැනී නොදැනී මේ විසල් විශ්වයේ ඔබ කොහේ හරි ඇති....// මලක් වී අතු අග පිපී සුවද දි සුළගේ එතී තරුවක් ව අදුරේ දිලී උණුසුමක සිහිලැක වෙලී...// පෙනී නොපෙනී ඔබ හිදී.... අරුණේ බොදවුණු පැතුම වී රැයේ ඉගිලෙන සුසුම වී මතකයක නොනිදා රැදී තනිකමක කදුලක වෙලී....// දැනී නොදැනී ඔබ හිදී..... මට පෙනී නොපෙනී මට දැනී නොදැනී මේ විසල් විශ්වයේ ඔබ කොහේ හරි ඇති Songwriter : Manjula Prabhath Hettiarachchi
https://youtu.be/ZEsINyzk3YM

Friday, July 5, 2019

‘‘භව දුර නිවූ......"
ඒ උතුම් වූ ශක්‍ය සිංහයන්ගේ ගුන ගැයුම .ගායනවේදී කීර්ති පැස්කුවෙල් ගායනවේදියාණන්ගේ ළයාන්විත හඩින්.......
භවඳුර නිවු හිමිි දෑස අබියස
පිපී පරවෙන මල් පුදා
ලොවෙන් ගිලිහෙන සත්‍ය ඔබ දෙසු
කියයි මේ ගහ කොළ පවා...
සමිදුනේ... සමිදුනේ... සමිදුනේ... බුදු සමිදුනේ....
නිසල වන ගැබ අරණ තුළ වැද
දිනා ඔබ සම්බුදු සුවේ
දෙසූ මරු පරදනා දම් මග
- අමතකද ලොවටම පියේ...//
සමිදුනේ... සමිදුනේ... සමිදුනේ... බුදු සමිදුනේ....
අමර වර ලද රුපුන් විලසින්
උනුන් පරයා ලොව දිනා
කෙලෙස නිවමුද කඳුළු උපදින
- සමිද ඔබ දෙසු මග නොයා....//
භවඳුර නිවූු හිමි...
------------------------------------------------------------
පද රචනය - මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි
ගායනය - කීර්ති පැස්කුවෙල්
සංගීතය - සඳරුවන් ජයසිංහ
YOUTUBE.COM
බව දුර නිවු හිමි ......... ගායනය - කීර්ති පැස්කුවල් ගී පද - මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි සංගීතය - සඳරුවන් ජයසිංහ

Friday, May 17, 2019




භවඳුර නිවූ හිමි.....

භවඳුර නිවූ හිමි දෑස අබියස
පිපී පරවෙන මල් පුදා
ලොවෙන් ගිලිහෙන සත්‍ය ඔබ දෙසු
කියයි මේ ගහ කොළ පවා...
සමිදුනේ... බුදු සමිදුනේ....

නිසල වන ගැබ අරණ තුළ වැද
දිනා ඔබ සම්බුදු සුවේ
දෙසූ මරු පරදනා දම් මග
- අමතකද ලොවටම පියේ...//
සමිදුනේ... බුදු සමිදුනේ....

අමර වර ලද රුපුන් විලසින්
උනුන් පරයා ලොව දිනා
කෙලෙස නිවමුද කඳුළු උපදින
- සමිද ඔබ දෙසු මග නොයා....//

භවඳුර නිවු හිමි...

පද රචනය - මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි
ගායනය - කීර්ති පැස්කුවෙල් 

Wednesday, November 21, 2018


අතැර ගිය ඔබට.....


සුබ සිහින දකින්නට - ඵල ලබා විඳින්නට
විඳි පාරමී උසයි අර කන්දටත් වැඩිය
ඒ ඇන්ද දේදුන්න, හිරු නිවා මකන්නට
නපුරුකම් හුරු කළේ කවුරුන්ද නුඹෙ සිතට...

වැහි කෝඩයක් නැති අකීකරු අහස යට
ඉසූ බිජුවට කන්න ගිරව් කැඳවුවෙ ඇයිද
කප්පරක් කල් බලා එකතු කළ දිය කඩේ
මහද නිදි ගන්වලා සොරොව් හැරියේ මන්ද

ඔබ අතීතයෙ ගෙතූ සුරගනා කතා පොතෙ
දෙණිය මැද දොළ අසළ අපි හැදුව පුංචි ගෙයි
තරු පැටවු මැද්දෙ... හිරු සදු දිළෙන දෙපස හිඳ
ඒ් ඇන්ඳ සිතුවමේ පාට බොඳ කළේ ඇයි

කළු වළා නොවේ ඒ මත රිදී ඉරි දකින
සිතකි..., තව පමා නැත ඔබට මග දැක ගන්න
හදට  වැට කඩුළු බැඳ අගුළු ලා ගෙට එන්න
පැටව් අඳුරේ අඩන ගෙයි පහන දල්වන්න....!!!

      -   මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි

Tuesday, October 2, 2018


අප්පච්චි......මම කීයක් වටිනවද....?




අප්පච්චි කාර් එක හෝදන තැනට ආපු පුංචි  පුතා ඒ දිහාවේ බොහොම ඕනකමකින් බලාගෙන ඉන්නවා....අලුත්ම කාර් එක.... දූවිලි ඩිංගක්වත් නැති වුණත් අප්පච්චි ඒක හෝදන්නෙ බොහොම සීරු මාරුවට....වැලි කැටේකටවත් සීරුනොත්....
අප්පච්චි මේ කාර් එකට ඔයා ගොඩක් ආදරේද...
හ්ම්.....අප්පච්චි කර කර ඉන්න වැඩේ නවත්තන්නෙම නැතිව උත්තර දෙනවා.
මේක ගොඩක් ගණන්ද අප්පච්චි....
හ්ම්.....
කීයක්ද... රුපියල් පන්දහස් දහයක්...
තවම මොන්ටිසෝරි යන පුංචි පුතාට ගණන් හිලව් ගැන අවබෝධයක් නෑ.
ඊට හුගක් ඩැඩියි....මේ ඔයා ගෙට යන්න ඇගේ වතුර ඉහෙනවා...මම මේ වැ‍ඩේ ඉවර කරලා එන්නම්....
පුංචි පුතා කාර් එක වටේ වටයක් යනවා....අම්මා පුතාව නාවන්න කිව්වහම ඒකෙන් කර අරින්න අප්පච්චි කියන දේවල් පුතාට මතක් වෙනවා.....
අප්පච්චි.........අප්පච්චියියියි.....
ඒ පාර මොකෝ...
අප්පච්චි......මම කීයක් වෙනවද....

ඒ පුතා ඒ අප්පච්චිගෙන් අහපු ඒ ප්‍ර‍ශ්නෙ ඔයාගෙ පුතා ඔයාගෙන් ඇහැව්වොත් දෙන උත්තරේ මොකක්ද.....ඔයා මෙච්චර කල් හම්බ කරපු ඕනෙම දේකට වටිනාකමක් කියලා ඒ ගාණට ආවොත් දෙනවා කියලා කියන ඔයාට ඔයාගෙ දුවට පුතාට වටිනාකමක් කියන්න පුළුවන්ද ( මුදලට දරුවන් විකුණන දෙමාපියන් මීට අදාල නොවේ) ඒත් එච්චර වටින පුතා,... දුව මේ වෙලාවෙ ඉන්නෙ කොතැනද ...එයා සුරක්ෂිතද.....දහසක් වැඩ අස්සෙ හෙම්බත්වෙලා ඉන්න අපි එයාලා ගැන කොයි තරම් විමසිලිමත්ද.....? ලෝක ළමා දිනය උත්කර්ෂයෙන් සමරන මොහොතක අපි අපේ දරුවන් ගැන ආයිත් අලුතින් හිතමු.
                                   
                                     - මංජුල



Tuesday, August 7, 2018








සිර ගත කළ කදුළු.....

දඩබ්බර නුඹෙ දගට
කරන තරවටු පුතේ
හැඩෙව්වා දහස් වර
තෙත් නොකර නෙත් මගේ
ඉකිගසා හඩන්නට
බැරි පිරිමි කම දිගේ
මේ කදුළු කැටි ගැහෙයි
හිරවෙලා හදවතේ......

ගැලුවා නම් මේ කදුළු
වක්කඩේ දිය වගේ
සිතට සැනසුම දැනෙයි
පහව ළතැවුල්  ඉබේ....
ඇස කැවෙන වැලි කැටක්
සේය රිදවුම් හදේ
නමුදු... හද දරා ගමි
වැඩෙන...මුතු කැටක් සේ ....

ඒ කදුළුයි රැදෙන්නෙ ඊයම්බරු වාගෙ හදේ
ඒ කදුළුයි ගලන්නෙ සෙනෙහස වී මුළු සිරුරතේ
අවසන් හුස්මෙදි දියවී ගලනා තුරු නෙතු දිගේ    
ඒ කදුළුයි ජීවය වී රැදෙන්නෙ පියෙකුගෙ හදේ........

                          - මංජුල ප්‍ර‍භාත් හෙට්ටිආරච්චි