Thursday, February 9, 2017
Friday, January 6, 2017
ඔබ නැතුව ඔබ එක්ක
ඔබ නැතුව ඔබ එක්ක
ඔබ
රිදුම් තියා ගිය තැන්
පෑරෙයි
තවත් ඉදහිට....
ඔබෙ
සිනහ ගැවසුණු තැන්
සුන්දරයි
තැවරුණත් ලුණු රස...
කාලය
මකා දැමු පස්මත
පිපේ
තවමත් මලක් අකලට
සුවද
ඉව කෙරූවද දුර සිට
වළ දාමි
නොකියාම මතක බණ....
වසර
ගණනක් තෙතක් නොලත් බිම
පුංචි
වැහි කදුලකින් මොලොක් විය
නැවුම්
පුසුඹක විදුම කොතරම්ද
ඇතිය..
ඒ සුවද.... මුළු දිවියටම
අයිතියක්
කිවිය නොහැකිය ඔබට
උප්පැන්නයක්
නොමැති මළගමට...
ඔබට
දා වුවද ඔබහට අකැප
ගබ්සාවකිය...,එයින්
කුමන ඵල...
රිදුම්
පෑරුම් කිසිත් නොසිතාම
මලට
පෙම් කරමි එය නොලබාම
ඔබ
නැතුව ඔබ එක්ක හැමදාම
හිදිමි...
අවසර කුමට මට ඊට.......
-මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි
Wednesday, August 31, 2016
පුතුනේ......
පුතුනේ......
![]() |
සුර ලොවක සුර සැපත
අතැර මගෙ තනි මකන
මගෙ පැලට ආ සිගිති පුතුනේ
කිරි සුවද මුව කමල
නිම් නොවන දෙඩවිල්ල
හෙටට දිවි හුස්ම දෙන ඔසුවේ.....
සුබ සිහින පුබුදන්න
අත නොහැර ළග ඉන්න
බල කරන ඔය සොදුරු මුහුණේ
දගපාන හසරැල්ල
තරු යුග්ම දෙන කැල්ම
බැද තබයි තවත් මා සසරේ....
මෙතෙක් ලොව නොදුටු සිරි
ගෙනැත් සිත් පාමුලට
සිනහ අංජන තවරනා නෙතේ
නුඹ නමින් පමණක්ම
පණ ගැහෙන හදවතක්
නුඹෙ ගතින් එපිට නුදුරෙක තියේ......
- මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි
Thursday, August 25, 2016
අකල් වැහි...
අකල් වැහි...
හිතේ තිබුණු දුක සේරම
එක විඩේට බිමට හලා
නුඹ අැඩු එදවස් සිහිවෙයි
දවසෙම කළු වළා පුරා.....
සෝදා හැර නෝක්කාඩු
යළි තුරුලට මුවාවෙලා
අහසේ තරු ගැන්න දවස්
මතකයි අපි පහන් කළා.....
බොළදියකගෙ පුර සදවත
අවපස නුබ කුස ගෙවුණා
පුරන් සිතක යහන් නොලද
මල් මුවරද පළා ගියා
සද මඩලේ සා පැටවුන්
හිනැහෙන කිරි සිනහා බලා
අහස අැඩුවෙ නෑ ඉන්පසු
පෙරමෙන් වැහි වළා පුරා......
කළු කරගෙන දවස පුරා
වහින්ට අරඅදින අහස
සෝදා හැර සිත පිරි දුක
තුරුලේ හිනැහෙන...දගලන....
තරු බොදවුණු දෑස් පිසැර
නින්දේ දියකර හිනැහෙන
වහිනව නම් යළි වැස්සක්
අාසයි ඉදහිට තෙමෙන්න....
- මංජුල ප්‍රභාත් හෙට්ටිඅාරව්වි
Thursday, May 19, 2016
Wednesday, May 18, 2016
වියෝවක පසු පැතුම
බූන්දි, සඳුදා, අගෝස්තු 13, 2012 00:14:52
මුළු උයන වසාගත් පාළු තනිකම නැසූ
පුංචි මල් පොහොට්ටුව ගිලිහුනිද අකාලයෙ
කළු වලාකුළු මිදුණු පාළු ඝනදුරු රැයේ
අඳුර නැසු තනිතරුව කඩා වැටුනිද කොහේ............?
මේ අඳුරු ගෙයි පැලට ආලෝකෙ දල්වන්න
ඔබ ගෙනා තරු යුවල වසාගෙන ඇයි දුවේ
ලොව නෑසු ගී තැනු සිඟිති කෙඳිරිලි හැඬුම්
නිහඬ කොට පුංචි මුව වසා නුඹ ගියෙ කොහේ ...?
මව් තුරුලෙ ගුලි වෙලා කිරිවලට සංඩු වුණු
ඒ පුංචි සංඩු නින්නාද දේ ගේ පුරා
කිරි සුවඳ පිනි වැටුණු නුඹෙ සිනා කොඳ කැකුළු
නිදන නෙතු පමණි අද දකිනුයේ රැය පුරා
නිදද්දී ඇහැරෙන්න රැය පුරා නොනිදන්න
නුඹයි මට හුරු කළේ මුමුණන්න ගී නොදත්
අතින් ගිලිහෙතැයි සිත බියෙන් සංකා වැඩු
නුඹෙ හුස්ම පොද කොතැන සැඟවුනිද මට හොරෙන්
පිච්චමල් අතුපතරෙ බටිත්තන් සොයන්නේ
නිදිවරා සොහොන් කොත් උඩින් සඳු එබෙන්නේ
දකින්නයි යළි නුඹව හෙටට ඇහැ අරින්නේ
ඉතින් නුඹ කෙසේ මෙහි නෑවිදින් හිඳින්නේ.....?
කඳුළෙ හසරැලි පිපෙන සුබ සිහිනෙ දරාගෙන
කිරට යන්නට අම්මා හිඳී මඟ බලාගෙන
නෙළුම හොඬයෙන් ගත්තු ඇත් පැටව් පිරිවරන්
නොබලාම කල් විගස සුදු දුවේ යළි එන්න ....
පුංචි මල් පොහොට්ටුව ගිලිහුනිද අකාලයෙ
කළු වලාකුළු මිදුණු පාළු ඝනදුරු රැයේ
අඳුර නැසු තනිතරුව කඩා වැටුනිද කොහේ............?
මේ අඳුරු ගෙයි පැලට ආලෝකෙ දල්වන්න
ඔබ ගෙනා තරු යුවල වසාගෙන ඇයි දුවේ
ලොව නෑසු ගී තැනු සිඟිති කෙඳිරිලි හැඬුම්
නිහඬ කොට පුංචි මුව වසා නුඹ ගියෙ කොහේ ...?
මව් තුරුලෙ ගුලි වෙලා කිරිවලට සංඩු වුණු
ඒ පුංචි සංඩු නින්නාද දේ ගේ පුරා
කිරි සුවඳ පිනි වැටුණු නුඹෙ සිනා කොඳ කැකුළු
නිදන නෙතු පමණි අද දකිනුයේ රැය පුරා
නිදද්දී ඇහැරෙන්න රැය පුරා නොනිදන්න
නුඹයි මට හුරු කළේ මුමුණන්න ගී නොදත්
අතින් ගිලිහෙතැයි සිත බියෙන් සංකා වැඩු
නුඹෙ හුස්ම පොද කොතැන සැඟවුනිද මට හොරෙන්
පිච්චමල් අතුපතරෙ බටිත්තන් සොයන්නේ
නිදිවරා සොහොන් කොත් උඩින් සඳු එබෙන්නේ
දකින්නයි යළි නුඹව හෙටට ඇහැ අරින්නේ
ඉතින් නුඹ කෙසේ මෙහි නෑවිදින් හිඳින්නේ.....?
කඳුළෙ හසරැලි පිපෙන සුබ සිහිනෙ දරාගෙන
කිරට යන්නට අම්මා හිඳී මඟ බලාගෙන
නෙළුම හොඬයෙන් ගත්තු ඇත් පැටව් පිරිවරන්
නොබලාම කල් විගස සුදු දුවේ යළි එන්න ....
Tuesday, May 17, 2016
උපන් දිනේ.....
උපන් දිනේ.....
පොඩි දුවගේ උපන්දිනේ
ජයට ගන්න ලැහැස්තියක්
ලොකු දුවගේ මුහුණෙ කදුළු
වැසි බර කළු වළාකුලක්
නංගිගෙ තරු නෙතු දැල්වී
වසරක් ....ගතවුණු සතුටක්
අක්කට එය නොතේරෙන්නෙ
එයත් තවම චූටි බබෙක්.......
''නෑ......නෑ......මේ උපන් දිනේ
නංගිගෙ විතරක්ම නොවේ
අක්කෙක් වී නංගිගෙ....නුඹ
යළි ඉපදුනෙ අදයි දුවේ.....''
එ් හන්දා උපන් දිනේ
සැමරුම ඔය දෙන්නගෙමයි
කපා කේක් එක දෙඅතින්
කවන්න....අම්මටයි...මටයි...
නංගිගෙ විතරක්ම නොවේ
අක්කෙක් වී නංගිගෙ....නුඹ
යළි ඉපදුනෙ අදයි දුවේ.....''
එ් හන්දා උපන් දිනේ
සැමරුම ඔය දෙන්නගෙමයි
කපා කේක් එක දෙඅතින්
කවන්න....අම්මටයි...මටයි...
- මංජුල ප්‍රභාත් හෙට්ටිඅාරච්චි
Monday, May 16, 2016
Friday, October 30, 2015
නරසීහ ගාථා නොවේ.....
නරසීහ ගාථා නොවේ.....
පෙරුම් පුරන සතපවනට ඉදුරෝ
මහමග ඉගිලෙන රථයක පෙජරෝ
අරා අසුන් සුකුමාර නිරින්දෝ
පුත අර යනුයේ නුඹේ පියාණෝ.....
පෙම් බස් පැවසූ විලසින් බෝසත්
රම්‍ය සුරම්‍ය සුබාදියේ නිවහන්
නුඹ පිළිසිදිදා කළ අබිනික්මන්
පුත අර යනුයේ නුඹෙ පිය නිරිදුන්
පිණි පොද වගුරා සදවත හැඩු රෑ
නේරංජන ගග නෙතගින් හැඩු රෑ
එතෙරව එගගින් කිළි කුණු සෝදා
ඔහු ගියමුත් ගග ඒ් කිළි රැදුණා....
පුරපස සද සේ නුඹ කුස වැඩුණා
අවපස සද සේ ඔහු රුව මැකුණා
අමාවකේ කළු සෙවනැලි අතරින්
පුර සද වී නුඹ මගෙ ලොව දිලුණා...
- මංජුල ප්‍රභාත් හෙට්ටිඅාරච්චි
''සද මඩල ගිණි ගනී" කාව්‍ය සංග්‍රහයෙනි.
Thursday, October 29, 2015
කැකුලක රුධිරය.....
කැකුලක රුධිරය.....
සුදු පියුම් කැකුලකට ජීවිතයෙ කිරිඋරන
සෝ සුසුම් අවැසි නැත පෙති තලා පොඩි කරන
හිස් අහස් තලාවේ සුරගනන් මල් නෙලන
ජීවිතය සිතුවමකි සිහිනයෙන් අැය දකින.....
එවන් සුදු සිගිති මල පිපෙන්නට රොන් සලන
අනාගතයක දිනක් නොඉපදී මිය අැදින
කැකුළු මල මල්වරව පිපෙන්නට පෙර දිනෙක
එමල මත රතුපාට රුධිර බිදු කැටි ගැසින
මඩ පිරුණු දිවි පත්ල විල් දියේ සැගව අැත
ඒ් කිලිටි පත්ලෙ අෑ විකසිතවු බව නොදත
සොමි සදට....කිරි දියට.. පෙම් බැන්ද කැකුල මත
පිරුවටයකට උරුම රුධිර බිදු කැටි ගැසින....
- මංජුල ප්‍රභාත් හෙට්ටිඅාරච්චි
''සද මඩල ගිනි ගනී'' කාව්‍ය සංග්‍රහයෙනි
Subscribe to:
Comments (Atom)
-
අනියමාර්ථ ප්‍රේමයේ පතිනිය..... කඳුලක්ව ඇහැ අරින සොඳුරු සිහිනයකි නුඹ ළ ගින් නොව දුරින් හිඳ සිත් ඉමේ තනි රකින කිිසි දිනෙක නො...
-
සුසුම් සයුරේ මවා හසරැල් හදේ සෝළතැවුල් නිවන්නී නෙතග කැල්මේ දොඩන වදනේ මවා තුසිතේ - සිත වෙලන්නී උදා අරුණයි ඔබ වසන්තේ.... වඩා දෝතින් පිදුව සෙන...
-
භවඳුර නිවූ හිමි..... භවඳුර නිවූ හිමි දෑස අබියස පිපී පරවෙන මල් පුදා ලොවෙන් ගිලිහෙන සත්‍ය ඔබ දෙසු කියයි මේ ගහ කොළ පවා... සමිදුනේ... ...





